ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, තනිකමේ බලපෑම හේතුවෙන් ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය ඉහළ යාම
මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද සිදුවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සබඳතා පිළිබඳ කොමිසම එහි නවතම ගෝලීය වාර්තාව පසුගියදා නිකුත් කළ අතර එමගින් පුද්ගල තනිකම සහ සමාජ හුදකලාභාවය පිළිබඳව කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.
ලොව පුරා සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන්ම එක් අයෙකු තනිකම හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යයට, ආර්ථිකයට, අධ්‍යාපනයට මෙන්ම පොදුවේ යහපැවැත්මට සැලකිය යුතු අන්දමින් බලපෑම් එල්ල කර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
තනිකම ආශ්‍රිත බලපෑම් හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව පුද්ගල මරණ 871,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව පෙන්වා දෙන එම කොමිසම
ලොව පුරා සෑම පැයකම ඒ ආශ්‍රිත මරණ 100ක් පමණ සිදුවන බවත් විශේෂ කරුණක් ලෙස දක්වා තිබෙනවා.
අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල පොදුවේ වයස අවුරුදු 13ත් 29ත් අතර පුද්ගලයින්ගෙන් සියයට 17%ත් 21%ත් අතර ප්‍රතිශතයක් තනිකම ආශ්‍රිත බලපෑමට ලක්ව සිටින අතර අඩු ආදායම් රටවල එය සියයට 24%ක් දක්වා වැඩි වී ඇති බව ද දැක්වෙනවා.
තනිකම සහ සමාජ හුදකලාභාවය බැලූ බැල්මට අවදානමක් ලෙස නොපෙනුණද එය ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය වැඩිවීමට මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ද ඉහළ යාමට බලපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
තනිකමේ බලපෑමට ලක්වූ පුද්ගලයින් මානසික අවපීඩනයට පත්වීමේ සම්භාවිතාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දෙගුණයකින් වැඩි අතර සියදිවි නසා ගැනීමේ සිතුවිලි දක්වා තනිකම බරපතල විය හැකි බවත් අදාළ වාර්තාවේ සඳහන්.
ප්‍රබල සමාජ සම්බන්ධතා පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම දිගු ආයු කාලයකටත් හේතුවන බව එමගින් පෙන්වා දී තිබෙනවා